100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

හරක් හොරු





සුරංගලාගේ ගමේ හරියට හරක් හොරකම් වෙනවලූ.. ඉතිං දවසක් සුරංග හිතුවලූ මේ හරක් හොරු ටික අල්ලා ගන්න.. ඉතිං මේ වැඬේට නියමෙටම ගැලපෙන පොර ධනුෂ්කයානේ.. ඉතිං සුරා එදා ධනුෂ්කයව ගෙදරට ගෙන්නා ගෙන ලොකු ප්ලෑන් එකක් ගැහුවලූ… ඉතිං මේ සුරාගේ සංකීර්ණ ප්ලෑන් එකේ හැටියට කළේ මෙහෙමයි… සුරාගේ ගෙවල් ඉස්සරහා කොස් ගහේ හරකෙක් ගෙනල්ලා ගැට ගැහුවා… ඊට පස්සේ ගමේ හැම තැනම ප‍්‍රචාරයක් යැව්වා සුරා හරකෙක් ඇති කරනවා කියලා… ඉතිං දැන් හරක් හොරා එන්නේ ?ටනේ.. ඉතිං ධනුෂ්කයාට ? එළිවෙනකම් හරකා ලÛ හැංගිලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ… හොරා ඇවිත් හරකා ගෙනියනකොටම ධනුෂ්ක කෑගන්න ඕනේ… එතකොට සුරා දුවගෙන ඇවිත් හොරාව අල්ලා ගන්නවා…

ඉතිං දැන් ප්ලෑන් එකේ හැටියට ධනුෂ්ක ? මුරලූ… සුරා ගෙදරට වෙලා ඉන්නවලූ ධනුෂ්ක සිග්නල් එක දෙනකම්…. ? දහය විතර වෙනකනුත් කිසිම සද්දයක් නැති හින්දා සුරා ආවලූ ධනුෂ්ක මොකද කරන්නේ බලන්න.. ඇවිත් බලනකොට ධනුෂ්ක නිදි කිර කිර ඉන්නවලූ… ධනුෂ්කට නින්ද ගියොත් ප්ලෑන් එක අප්සැට් වෙන හින්දා සුරා ධනුෂ්කට මෙහම උපදෙසක් දුන්නලූ..

සුරා – මේ මෙහම හිටියොත් උඹට නින්ද යනවා… ඒ හින්දා උඹ ඉන්න ගමන් කල්පනා කරපං මොනවා හරි.. එතකොට උමට නිදිමත එන්නේ නෑ…

ධනුෂ්ක – මොනවා ගැන කල්පනා කරන්නද බං.. අනික මේ මහ ?… මදුරුවොත් කනවා…

සුරා – මෙහම කරපං… උඹ කල්පනා කරපං.. ඉස්සෙල්ලාම මේ ලෝකෙට බිහි උනේ කිකිළිද? නැත්තම් බිත්තරේද කියලා….

ධනුෂ්ක – කිකිළිද..? බිත්තරේද..? ම්ම්ම්……….. ඇත්තට කවුද බං…

සුරා – ඒක තමයි… උඹ ඒක කල්පනා කරපං… එතකොට උඔට නිදිමත එන්නේ නෑ….. ඉතිං එහෙම කියලා සුරා ගිහිං නිදා ගත්තලූ… ආයෙත් පාන්දර 2ට විතර ඇවිත් බැලූවලූ ධනුෂ්ක මොකද කරන්නේ කියලා… බලනකොට මූ ආයෙත් නිදි කිරනවලූ…..

සුරා – ඒයි ධනුෂ්ක… මොකද බං කරන්නේ….

ධනුෂ්ක – ඒක තමයි බං… මම මේ උඹ අර කියපු එක ගැන කල්පනා කළේ… එතකොට මට පොඩි නිදි මතක් ආවා…

සුරා – ඒකනේ බං.. උඹ එකම ගැන කල්පනා කරන්න එපා… නිදිමත එනකොට වෙන දෙයක් ගැන කල්පනා කරපං…..

ධනුෂ්ක – වෙන දෙයක්…?? ඒ මොකක්ද බං.. මට එහෙම මුකුත් කල්පනා වෙන්නේ නෑ,….

සුරා – එහෙනම් උඹ මෙහම කරපං… උඹ කල්පනා කරපං… මේ ලෝකේ වැඩිපුරම වටින්නේ ගැහැනියද…?? නැත්තං පිරිමියාද…? කියලා….

ධනුෂ්ක – අයියෝ… ඕක කල්පනා කරන්නත් දෙයක්යැ…. වැඩි පුරම වටින්නේ පිරිමියා….

සුරා – නෑ.. නෑ… එහෙම කියන්න බෑ… ගැහැනියත් වටිනවා…. ධනුෂ්ක – ඒ කොහොමද…???

සුරා – ඒක තමයි…. උඹ කල්පනා කරලා බලපංකෝ… කොහොමද එහෙම වෙන්නේ කියලා… එතකොට උඔට නිදිමත එන්නේ නෑ,…. ඉතිං සුරා ගිහිං ආයෙත් නිදි…. පාන්දර හතරට විතර ඇවිත් බැලූවා ධනුෂ්ක නිදිද කියලා… මෙන්න බලනකොට මූ… ඇවිද ඇවිද කල්පනා කරනවා….

සුරා – අන්න දැක්කද… උඹට දැන් නිදිමත නෑනේ…. උඹ තාමත් කල්පනා කරන්නේ වැඩිපුරම වටින්නේ ගැහැනියද නැත්තං පිරිමියාද කියලද…??

ධනුෂ්ක – පිස්සුද බං…. මම මේ කල්පනා කරන්නේ…. හරකා කඹේ කඩාගෙන ගියාද….? නැත්තං කවුරු හරි කඹේ කපාගෙන ගියාද කියලා…
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments: