100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

නාන ක්‍රමය

ගැහැනියක් ලෙස නාන ක්‍රමය

1:-ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.
2:-සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
3:-මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
4:-කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
5:-වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
6:-බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
7:-ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
ක්ලීන් ඇන්ඩ්
8:-කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
9:-අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
කන්ඩිශනර් සෝදා හරින්න.
10:-කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
11:-වතුර මල වසන්න.
බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
12:-රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
13:-තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
14:-නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.
මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.

පිරිමියෙක් ලෙස නාන ක්‍රමය

1:-ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
2:-හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
3:-මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්,$@$%@ කරන්න
4:-වතුර මල වෙත යන්න.
5:-මුහුණ සෝදාගන්න.
6:-කිහිලි සෝදන්න.
සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
7:-කොන්ඩෙට ෂැම්පූ දමන්න.
ෂැම්පු බෝල පුම්බන්න.සු කරන්න
8:-තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
9:-බාගෙට පිහදාගන්න.
10:-ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න.
11:-ලයිට් ඔන් එකේ තබන්න.
තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න
12:-මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කර #@%@#%@%වන්න
13:-තෙත තුවාය ඇඳට විසි කරන්න

කොච්චර සිම්පල් පැලැන් එකක් නේද ගැහැනුන්ට වඩා
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. mare maru ela kiri

    ReplyDelete
  2. හ්හි හි හ්හි
    ස්තුතියි comment වලට

    ReplyDelete
  3. හයියෝ හයියෝ හයියෝ............

    ReplyDelete