බොරුවට අහලා විහිළු කරන වැඩේ.... භාර උනේ සෙට් එකේ ඉන්න කටකාරම එකාට.... ඌ පටන් ගන්නවා.. අපි සපෝට් කරනවා අරූ බොරුවට එළුවා වගේ බෑ බෑ කියනවා.. කෂ්ටිය ඉතින් රූගත කිරීම් වලට ලැහැස්ති වෙලා.. ප්රධාන නිළිය එනකම් බලන් ඉන්නවා.. මෙන්න එකපාරටම කෙල්ල කඩේට එනවා... අපිත් රඟපෑමට ලෑස්තියි..
අඩියට දෙකට කඩේට ආපු කෙල්ල.. තිබ්බා මේසේ උඩින් තඩි.. චියිනීස් ෆෝන් බෑයක්.. ඇඹරුනා දෙක තුනට...
අපේ එකා - “කෝ දෙන්න නංඟී.....“
කටකාරයා - ඉතාමත් සිහින් කොඳුරන හඬකින් අහක බලාගත්ත ගමන්.. “නංඟි ඔයාට මෙයා කැමතිලු “
ඒ කියපු එක ඌටවත් ඇහුනද දන්නේ නෑ... මිනිහා රැල් බුරුල් ඇරලා ආයෙත් ටිකක් විතර සවුන්ඩ් වැඩිකරලා අර ටිකම ඇහුවා.... “නංඟි මෙයා ඔයාට කැමතියි“ ඒත් සවුන්ඩ් මදි... අපේ එකාට තෙරුනා වැඩේ දෙල් වෙන්න තමයි යන්නේ කියලා... මිනිහා බැලුවා ඒකිගෙ ෆොන් එක ඔන් වෙන්නෙත් නෑ... ගැලෙව්වා ෆොන් එක... තිබ්බා ෆෝන් බැටරිය අග්ර දෙක දිවේ... ඒ අස්සේ ..අරෑ ආයේ රැල් බුරුල් අරිනවා.. ආයෙත් අහන්නයි හදන්නේ.. මේ පාර ඌ මුකුත් කියන්න කලින්ම අපේ එකා පැන්නා....
මූ බැටරිය දිවේ තියාගෙනම අහනවා.....
“ මොනා වෙලාද නංඟි... ෆෝන් එක ඕෆ් උනේ ??? “
කෙල්ල - “ බාත්රෑම් එකේදි කොමඩ් එකට වැටුනා අයියේ... “
අපිට හිනා වෙන්නද අඬන්නද කියලා තේරෙන්නේ නෑ.. අරෑට දැන් ඇඬෙන්න වගේ.. ඒ අස්සේ මෙච්චර වෙලා කෙඳිරි ගාපු එකා... අරෑගේ පිටට තට්ටුවක් දාන ගමන් ..ගමටම ඇහෙන්න අහනවා...
“ මචං .. ගූ රහද? “ අනේ අපේ එකාගේ තත්වේ ශෝචනීයයි !!!!
ඔය සිද්ධියෙන් පස්සේ ඌ කිරියා එක්ක අද වෙනකම් වචන 10ක් කතා කරලා නෑ... මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා
0 comments:
Post a Comment