100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ඔට්ටුව



ඔන්න ඇම්ඩා තරුණ කාලෙදි ඔට්ටු (එක එක ඔට්ටු) දාන්න පටන් ගත්තලු. වැඩේ කියන්නෙ මිනිහ හැමදාම ඔට්ටු දාල සල්ලි දිනනවලු.ඇම්ඩා දිනන සල්ලි හැමදාම බැංකුවක (බැංකුවෙ නම කියන්න බෑ) මැනේජර්ට දීල උගේ පොතට දාගන්න නිසා
ඇම්ඩා ගේ මාසික වැටුප (පඩිය) බැංකුවෙ මැනේජර්ටත් වැඩියි. මැනේජර්ටත් නිකමට මූත් එක්ක ඔට්ටුවක් දාන්න හිතුනාලු.
ඉතින්,

මැනේජර් - ඇම්ඩෝ මාත් එක්කත් ඔට්ටුවක් දානවද?

ඇම්ඩා - අනිවා මැනේජර්. ඔට්ටුව තමයි. හෙට දවල් 12.30 වෙද්දි ඔයාට වලිගයක් එනවා. මම රු.1000ක් මම ඔට්ටු දානවා.

මැනේජර් - හි...හි...උඹ මගෙන් තමයි පැරදෙන්නේ. මම රු.2000ක්ම ඔට්ටු දානවා.

ඇම්ඩා - හරි අනිවා. හෙට කිව්ව වෙලාවට මං එනවා.
කියලා ඇම්ඩා ගියා.

මැනේජර් - (කල්පනා කරමින්) මූ හැමදාම දිනනවා.මන්තර දන්නවද දන්නෙත් නෑ.(පිටුපස අතගා බලා)නෑ බය වෙන්න දෙයක් නෑ.


ඊටපස්සෙ මැනේජර් විනාඩි 10න් 10ට පිටුපස අතගාමින්ද. බාත්රූම් එකට ගොස්ද වලිගයක් දැනට එන්නැති බව
තහවුරු කළ ගත්තා.පහුවදා දවල් 12.15 උනා මැනේජර් බාත්රූම් එකට ගොස් ආයෙත් හොඳින් පිටුපස(පශ්චාත්බාගය)
බලා නැවත තමාට වලිගයක් නැතිබව තහවුරු කර ගත්තා.

12.35 ට මැනේජර් දැක්කා ඇම්ඩා තව කෙනෙකු සමඟ එනවා.

ඊට පස්සේ,

මැනේජර - ඇම්ඩෝ කෝ නැට්ටක් නෑනේ. මම ඔට්ටුව දිනුම්.

ඇම්ඩා - එහෙම කියල හරියන් නෑ. බාත්රූම් එකට ගිහිං හොඳට බලන්න ඕනේ.
(ඇම්ඩයි,ඌ එක්ක ආපු එකයි,මැනේජරුයි බාත්රූම් එකට ගියේය.මැනේජර්ගේ කලිසම ගලවා නැට්ටක් ඇතිද/නැද්ද යන්න බැලුවා)

ඇම්ඩා - හරි. ඔයා දිනුම් මැනේජර්. (ඇම්ඩා එක්ක ආපු කෙනාගෙන් රු.5000ක් ගෙන රු.2000ක් මැනේජර්ට දී ඉතිරි රු.3000 ඔහුගේ පොතේ තැන්පත් කළේය. මැනේජර් ඉමහත් සතුටට පත්උනා)

# ඇත්තටම වුණේ ඇම්ඩා මැනේජර් එක්ක ඔට්ටුව පටන් ගත්ත ගමන් තව එකෙක් එක්ක මෙහෙම ඔට්ටුවක් දාලා

‘ඒයි කිරි ටොයියා. ඔට්ටුවකට වරෙන්. (ඌ ඔට්ටුව මොකක්ද කියලා ඇහුවා) මම අර බැංකුවෙ මැනේජර්ගේ කලිසම ගලවලා
පෙන්නන්නම් එනවද?(ඌ කියනවා අනිවා මං රුපියල් 5000ක් ඔට්ටු දානවා උඹට බෑ)හරි බලමු


COMMENT එකකුත් දාලා SHARE පාරකුත් දාලම යමුකෝ.....
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. lokkata karapu wede hik hik

    ReplyDelete
  2. හික් හික්

    කොමෙන්ට් වලට ස්තුතියි.........
    දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න

    ReplyDelete